ස්මාට්ෆෝන් කැමරාවේ පරිණාමය
වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද? මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත්
ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය
එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප "කැමරා ෆෝන්" යන
යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන
සඳහායි.
මෙම මූලික කැමරා සහිත ජංගම දුරකථන භාවිතා
වූයේ ඩිජිටල් කැමරාවක් නොමැති අවස්ථාවක දකිනා යමක් රූගත කර ගැනීමට වූ නමුත්, මුල් කාලීන ජංගම දුරකථන කැමරාවන්ට ගුණාත්මක භාවය අතින්
ඩිජිටල් කැමරා වෙත ආසන්න වීමට හෝ හැකි නොවුණි. කෙසේ නමුත් ස්මාට්ෆෝන් ප්‍රචලිත
වීමත් සමගින් ක්‍රම ක්‍රමයෙන් මම ස්මාට්ෆෝන් කැමරාවද දියුණු වීමටත්, විශේෂ හැකියාවන් අත්පත් කරගැනීමටත් පටන් ගනී. මෙම
පරිණාමයේ එක් තැනකදී ස්මාට්ෆෝනයට කැමරා දෙකක්, එනම් ඉදිරිපසටද කැමරාවක් එක් වීම ඇරඹේ. මෙහි මූලිකම අවශ්‍යතාව
වූයේ ස්කයිප් වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයන් සඳහා පහසුවක් වීමට යැයි සිතිය
හැකිය.
පසුකාලීනව ශීඝ්‍රයෙන් ස්මාට්ෆෝන් කැමරාවන් දියුණු වීම සිදුවූ අතර, නවීන ඩිජිටල් කැමරාවන්ට පවා අභියෝග කළ හැකි ආකාරයේ
විශේෂාංගයන් සහ සෙන්සරයන් සහිත පසුපස කැමරා සහිත ස්මාට්ෆෝනයන් වැඩි වැඩියෙන්
එළිදැක්වුණි. මෙසේ ගන්නා ඡායාරූප ක්ෂණිකව බෙදාගත හැකි සමාජ ජාලයන්ද කරලියට
පැමිණීමත් සමගින් ස්මාට්ෆෝන් ඡායාරූපකරණය නව මගක් ගන්නා ලදී. ඒ සමගින්ම එසේ ගන්නා
ඡායාරූපයන් ස්මාට්ෆෝනය හරහාම එසැණින් සංස්කරණය කිරීමට සහ විවිධ ෆිල්ටරයන් එක්
කිරීමටද හැකියාවෙන් සන්නද්ධ කෙරිණි.
මේ හා සමගාමීව ඉදිරිපස කැමරාවද වඩ වඩාත් දියුණු වන්නට පටන් ගත්තේ 'සෙල්ෆි' ඡායාරූප ගැනීම යනු නව ලෝකයේ උන්මාදයක් බවටත්, එතැනින් සමාජ ජීවිතයේ කොටසක් බවටත් පත්වීම සමගිනි. අද
වනවිට ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරාවේ ප්‍රධානතම කර්තව්‍ය වී ඇත්තේ එයයි. සාමාන්‍යයෙන්
අතීතයේදී පසුපස ප්‍රධාන කැමරාවට වඩා අඩු හැකියාවන්ගෙන් සහ අඩු ගුණාත්මක මට්ටමකින් ඉදිරිපස
ද්විතීයික කැමරාව තබා තිබුණත්, අද
වනවිට මෙම කැමරා ද්විත්වයම සමාන ගුණාත්මක මට්ටමකින් සහ හැකියාවන් හා විශේෂාංග
එකතුවකින් යුතු වේ.
කෙසේ වුවත් අනාගතයේදී මෙම පරිණාමය
අතරතුරදී සෙල්ෆි කැමරාව හෙවත් ඉදිරිපස කැමරාව තාක්ෂණික හැකියාවන් සහ ප්‍රමුඛත්වය
අතින් පසුපස කැමරාව ඉක්ම යනු නැතිද? එය
සිදුවිමේ ඉහළ ඉඩක් ඇති බව හඳුන්වා දීමට නියමිත Oppo F7 "Selfie Expert" වැනි ස්මාට්ෆෝනයන්ගෙන් දැනටමත් අනාවැකි
පළවෙමින් තිබේ.
මුල්ම කැමරා
දුරකථනය වන මෙය සීමිත ප්‍රමාණයක් ජපානය සඳහා නිකුත් කළේය.
සෙල්ෆියේ ඉතිහාසය
සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය
කෑවත්,බිව්වත්,ඇඳුමක්
ඇන්දත් සෙල්ෆි,නිර්වස්ත්‍රව නාන කාමරයේ සිටින අතිශ්‍ය
පෞද්ගලික කාරණා වලදීත් සෙල්ෆි.තවද අද වන විට මළ මිනී එක්කත් සෙල්ෆි.ශ්‍රී ලංකාවේ
තරුණයෙක් මියගිය පුද්ගලයෙකු පසුබිම් කරගෙන ලබාගත් එවැනි සෙල්ෆියක් ලෝකයේ නරකම
සෙල්ෆි 10 අතරට තේරී පත් වු බවද සඳහන් වේ.තැනක් නොතැනක් ගැන නොසිතා සෙල්ෆි ඡායාරූප
ගැනීම බොහෝ දෙනා දකින්නේ.පිස්සුවක් ලෙසයි.මේ සෙල්ෆි පිස්සුව නිසා ලෝකයේ බොහෝ රාජ්‍යයන්
සෙල්ෆි තහනම් කලාප පවා වෙන් කරලා ඒ සම්බන්ධව නීති රීතින් පනවා තිබෙනවා.සාමාන්‍ය
මිනිසුන් පමණක් නොව ඉහළ පන්තියේ අයත් රටේ නායකයන් පවා පෙළඹි තිබේ.ඒ හරහා විවිධ ප්‍රශ්ණ
පවා ඇතිවි තිබේ.එසේම මුලින්ම ඉදිරිපස කැමරාවක් සහිතව පැමිණි ජංගම දුරකතන ලංකාවේ
ජනතාව හැදින්වුයේ 3G කැමරා ලෙසය.මුල් කාලයේ මෙවන් ජංගම දුරකතන වීඩියෝ ඇමතුම්
ලබා ගන්නට භාවිතා කර තිබේ.වර්තමානයේ විඩීයෝ ඇමතුම් ලබා ගන්නවාට වඩා සෙල්ෆි ඡායාරූප
ලබා ගන්නට මෙය භාවිතා කරයි.එසේම වර්තමානය වන විට අපේ රටටත් සෙල්ෆි ඡායාරූපය බලවත්
තර්ජනයක් වී තිබේ.හේතුව සිමාව ඉක්මවා සිදුවන මේ ඡායාරූප ගැනිල්ල නිසා සිදුවන මරණ
සංඛ්්යාවද දිනෙන් දින ඉහළ යෑමයි.
එසේම කිහිප දෙනෙක් එක්ව පෙනී සිටින සෙල්ෆි
හෙවත් සමුහ සෙල්ෆි (Group
selfie) නම්
වේ.තවද සෙල්ෆි ඡායාරූප ගැනීම දිගින් දිගටම සිදුකිරීම රෝගයක් බවට පත් වේ.එය ස්වරූප
රාගය ලෙස නම් කර තිබේ.එනම් තමන්ගේ රූපයට ඇති ඇල්ම,බැදීම,ආශාව
වේ.එසේම ඔබ යම් සෙල්ෆි ඡායාරූපයක් සමාජ ඡාලයන් හරහා මුදා හරිනවානම් එය මාධ්‍ය
සදාචාරයට අනුකූලව එය සිදුකරන්න.
සෙල්ෆියේ ඉතිහාසය 1839 තරම් ඈතට දිවෙයි.
පළමු සෙල්ෆියා රොබර්ට් කොරනේලියස් ය. සෙල්ෆිය කුමක්ද යන්න වයස භේදාදියකින් තොරව අද
ඕනෑ ම කෙනෙක් දනියි. එය ඡායාරූප ගැනීමේ ජනප්‍රිය ම ක්‍රමය යි. ලෝ පුරා දිනකට
මිලියන 6ක් පමණ සෙල්ෆි අලෙවි වේ. ලෝකයේ තරුණ ජනගහනයෙන්
සියයට 91ක් විසින් ෆෝන් කැමරාවෙන් ගන්නා
ඡායාරූපවලින් 1/3 ක් සෙල්ෆි ය. නළු - නිළියන්, දේශපාලනඥයන් වැනි සුප්‍රකට පුද්ගලයන්ගේ
නම්වලින් ද සෙල්ෆි හැඳින්වේ. (උදා: ඔබාමා සෙල්ෆිය, පෝප් සෙල්ෆි ය). විශේෂයෙන් බටහිර රටවල
සෙල්ෆිය ගැන පොත්පත් රාශියක් සතිපතා පළවෙයි; ලිපි ලේඛන ලියැවෙයි. ටී.වී. වැඩසටහන්
විකාශනය වේ; සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වේ.
ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ්
ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්, තමන්ගේ ඡායාරූපයක් තමන්
විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ.
සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද
ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප
ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.
ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන
ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය
ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි
භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය.
1966දී අමෙරිකානු ගගනගාමී
එඩ්වින් ඕල්ඩ්රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular
activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම
සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆිය, සඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද
එඩ්වින් "Buzz" ඕල්ඩ්රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී.
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ
ජනප්‍රියම වචනය වූ "selfie" යන්න මුලින්ම භාවිතා කල
පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය
මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්" ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු
ජාතික තරුණයෙකි.
සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී
බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුට, මුහුණ පඩිපෙලෙහි ඇනීම
නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක්
සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහු, එය සමාජ ජාලයක පලකොට සිය
අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය
"සෙල්ෆියක්" නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම
භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.
"සෙල්ෆී" යන වචනය භාවිතා කරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු
තරුණයා කරන විස්තරය.
USA Today පුවත්පතට අනුව අද දිනකට
සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ
මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ
සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.
කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්.
සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත.
සමහර සෙල්ෆී පුදුම සහගතය, සමහර ඒවා රැගෙන
මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා
ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන
එන්නම්.
මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ
හිසෙහි වැදී තදබල අනතුරක් සිදුවිය.
මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා
මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින්
මාධ්‍ය වලට නිකුත් කරන ලදී.
කිහිප දෙනෙක් පෙනී සිටින සෙල්ෆි හෙවත් සමුහ සෙල්ෆි (Group selfie) ලෙස
හැදින්වේ.
සෙල්ෆි ඡායාරූප ගැනීම දිගින් දිගටම සිදුකිරීම
රෝගයක් බවට පත් වේ.එය ස්වරූප රාගය ලෙස නම් කර තිබේ.එනම් තමන්ගේ රූපයට ඇති ඇල්ම,බැදීම,ආශාව වේ.
සෙල්ෆි කියන්නේ උමතුවක් . මෙහෙම පවසන්නේ මනෝ විද්‍යාඥයන්
දෙදෙනෙක්. “International Journal of
Mental Health and Additiction නම් වූ
මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන මොවුන්, උමතුවක්
විදියට මෙහෙම සෙල්ෆි ගන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන එකට හේතු දක්වලා තියෙනවා. ඒ
පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ An Exploratory
of ‘Selfitis’and the Development of the Selfitis Behavior Scale කියලා. තැනක් නිනව්වක් නැතිව සෙල්ෆි ගන්න එක, ඒවා
ෆේස් බුක් ඉන්ස්ටග්රම් වගේ සමාජ ජාල වලට මුදා හරින එක කරන්නේ පහත දැක්වෙන හේතුන්
නිසයි කියලා තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඔවුන් කියනවා. යූටියුබ් ඔස්සේ පහත ඇති
ලින්ක් එකෙන් විඩියෝව නරඹන්න.
·
අපේ Suranga Tech
Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල්
එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරලා ඔබේ සහයෝගය අපිට
ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්
සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030
නිවැරදිම පරිගණක දැනුම ඔබටත් අවශ්‍යද
එසේනම් කථා කරන්න.ඔබේ අවශ්‍යතාවය මත ඔබේ නිවසටම පැමිණ විශ්වාසයෙන් යුතුව ඉගැන්වීම්
කටයුතු සිදුකර දෙනු ලැබේ.