Saturday, December 28, 2019

ශ්‍රී ලංකාව තුල නුතන තාක්ෂණික දියුණුව

වැඩි විස්තර සඳහා බලන්න මේ විඩියෝ එක. සල්ලි නැතිව ගණදෙනු කරමු. 01



වැඩි විස්තර සඳහා බලන්න මේ විඩියෝ එක. මිනිසුන් නැති SMART සාප්පුව 01





අපේ Suranga Tech Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්

සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030



පරිගණක භාෂාව

පරිගණක භාෂාවන්ගේ පරිනාමය (The evolution of computer languages)


පරිගණක භාෂාවන්ගේ පරිනාමය (The evolution of computer languages) 

ආරම්භයේ සිට අද දක්වා බිහිවී ඇති සියළුම පරිගණක භාෂාවන් ඒවයේ විධානයන්ගේ ස්වරූපය අනුව ප්‍රධාන කාණ්ඩ හතරකට වර්ග කළ හැකිය.
1. පළමු වන පරම්පරාවේ පරිගණක භාෂා හෝ යාන්ත්‍ර භාෂා (Machine Languages)
2. දෙවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ එසෙම්බ්ලි භාෂා (Assembly Languages)
3. තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා හෝ ඉහළ මට්ටමේ භාෂා (High Level Languages)
4. හතරවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ නිර්මාපිත භාෂා (Artificial Languages)


(Image Source : prosoft.guru)

පරිගණක භාෂාවන්ගේ විකාශනයේ දැකිය හැකි මූලිකම ලක්ෂණයක් වන්නේ එම භාෂා ක්‍රමයෙන් අපට පහසුවෙන් තේරුම් ගත හැකි සහ භාවිතයට පහසු භාෂා ලෙස විකාශනය වීමයි.
පළමු වන පරම්පරාවේ පරිගණක භාෂා හෝ යාන්ත්‍ර භාෂා (Machine Languages)
1. වැඩසටහන් ලියන ලද්දේ 0 සහ 1 යන සංකේත මගින් පමණි.
2. විධාන ලිවීම සහ ඇතුළත් කිරීම සංකීර්ණ කාර්යයකි.
3. යන්ත්‍රය (සකසනයේ වර්ගය) මත යැපෙන භාෂාවකි.
4. ක්‍රමලේඛකයා විසින් පරිගණකයේ දෘඩාංග පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුවේ.
5. පරිවර්තක මෘදුකාංගයක් (Translation Software) අවශ්‍ය නොවේ.
6. වැඩසටහන් ක්‍රියාත්මක වීම වේගවත්ය.

දෙවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ එසෙම්බ්ලි භාෂා (Assembly Languages)
1. විධාන ලබා දෙන ආකාරය යාන්ත්‍ර භාෂා (Machine Languages) වල දී ට වඩා සරලයි.
2. 0 හා 1 මත පදනම් වූ විධාන වෙනුවට සංකේත නාම (ADD, SUB) භාවිත කිරීම නිසා සංකේත භාෂා ලෙස ද හඳුන්වනු ලැබේ.
3. ඇසෙම්බ්ලර් (Assembler) නම් වූ සුවිශේෂී භාෂා පරිවර්තකයක් සංකේතාත්මක භාෂාව යාන්ත්‍රික භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා යොදා ගත යුතුය.
4. යන්ත්‍රය (සකසනය) මත යැපෙන භාෂාවකි.
5. මෙම වර්ගයේ ක්‍රමලේඛ පළමු පරම්පරාවට වඩා ක්‍රියාත්මක වන වේගය අඩුයි.
6. ක්‍රමලේඛයන් නිදොස් (Debugging) කිරීම යන්ත්‍ර භාෂා ක්‍රමලේඛ නිදොස් කිරීමට වඩා පහසු වීම.

මෙම වර්ගයේ භාෂාවන්ගෙන් සම්පාදිත ක්‍රමලේඛ පරිගණකයට සෘජුවම ක්‍රියා කරවිය නොහැකිය. ඒ සඳහා ඇසෙම්බ්ලර් (Assembler) නම් වූ භාෂා පරිවර්තක මෘදුකාංග මගින් එම ක්‍රමලේඛ හෝ විධාන අදාල යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුවේ.

තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා හෝ ඉහළ මට්ටමේ භාෂා (High Level Languages)
1. ඉංග්‍රීසි භාෂාවට සමීප පරිගණක භාෂා මෙම වර්ගයට අයත්වේ (Java, FORTRON, COBOL,  C#, C++, Pascal, PHP, Visual Basic).
2. ක්‍රමලේඛ (Programs) සම්පාදනය කිරීම පහසුයි.
3. යන්ත්‍ර (සකසන) මත යැපෙන භාෂාවක් නොවේ.
4. ක්‍රමලේඛකයෙකුට (Programmer) පුහුණු කිරීම පහසුයි.
5. පරිවර්තක මෘදුකාංගයක් (Translation Software) අවශ්‍ය නොවේ.

මෙම වර්ගයේ භාෂා ද ඇසෙම්බ්ලි භාෂා (Assembly Languages) මෙන් ම පරිගණකයට සෘජුව ම තේරුම් ගැනීමට නොහැකිය. එබැවින් භාෂා පරිවර්තක මෘදුකාංගයක් (Language Translation Software) මගින් මෙම භාෂාවන්ගෙන් ලියැවුණු ක්‍රමලේඛ අදාළ පරිගණකයේ යන්ත්‍ර භාෂා (Machine Languages) වලට පරිවර්තනය කළ යුතුවේ.

හතරවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ නිර්මාපිත භාෂා (Artificial Languages)
1. තීරණ ගැනීම (Decisions Making) සඳහා පරිගණක මාධ්‍ය මගින් නිර්මාණය කිරීමට භාවිත කරයි.
2. පරිගණක වලට මිනිසුන් භාවිතා කරන භාෂා තේරුම් ගැනීමට පහසු වන මෘදුකාංග නිර්මාණය කිරීමට ද භාවිතා වේ.
3. Lisp සහ Prolog මේ සඳහා නිදසුන් වේ.
4. රොබෝ යන්ත්‍ර වල සංවේදී උත්තේජක වලට ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩසටහන් නිර්මානය කිරීමට ද භාවිතා කරයි.
5. ඉතාමත්ම කෙටි කාලයකින් ඉගෙන ගත හැකි වීම.
6. අවශ්‍ය කරන විධාන තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා වලට වඩා අඩු විධාන සංඛ්‍යාවකින් කර ගැනීමට හැකි වීම.

බොහෝ අවස්ථා වලදී හතරවන පරම්පරාවේ පරිගණක භාෂා දෘෂ්‍ය පරිස්ථිතියක් (Visual Environment) ලබා දෙමින් ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහන් සකස් කිරීමට අවස්ථාව ලබා දේ.

පරිගණක භාෂාව පිළිබඳව තවත් පාඩමක්.

පරිගනක භාෂාව

පරිගනකය කළයුතු විශේෂ කාර්යයක් ඉටු කරන ආකාරය දැක්වෙන උපදෙස් සමූහයකි.
පරිගනකයට උපදෙස් ලබාදීම සඳහා නිර්මාණය කරන ලද විධිමත් භාෂාවකි.
පරිගනකයේ හැසිරීම පාලනය කිරීම සඳහා නිර්මාණය කරන ලද විධිමත් භාෂාවකි.

පරිගනක භාෂාවන්ගේ පරිණාමය ප්‍රධාන වශයෙන් කොටස් 2 කි.

පහළ තලයේ පරිගනක භාෂා (Low Level Programming Languages)
යන්ත්‍ර භාෂාව (Machine Language)
එසෙම්බ්ලි භාෂාව (Assembly Language)
ඉහළ තලයේ පරිගනක භාෂා (High Level Programming Languages)


පහළ තලයේ පරිගනක භාෂා (Low Level Programming Languages)

පහළ තලයේ පරිගනක භාෂාසඳහා උදාහරණ දෙකකි.



යන්ත්‍ර භාෂාව (Machine Language)

යන්ත්‍ර භාෂාවේ ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.

පරිගනකය තුළ ඍජුවම ක්‍රියාත්මක කළහැකි පරිගනක භාෂාව වේ.
පරිගනකට උපදෙස් දීම සඳහා "0" සහ "1" යොදාගනු ලබයි.
පරිගනකයට තේරුම් ගතහැකි එකම පරිගනක භාෂාව යන්ත්‍ර භාෂාවයි.
පරිගනකය තුළ ක්‍රියාත්මකවීම ඉතා වේගවත් වේ.
භාෂා පරිවතක වැඩසටහන් අවශ්‍ය නොවේ.
යන්ත්‍ර භාෂා ඉතා සංකීර්ණ බැවින් මිනිසාට තේරුම් ගැනීම අපහසුය.
යන්ත්‍ර මත යැපීම නිසා එක් යන්ත්‍රයකට ලියන ලද ක්‍රමලේඛයක් වෙනත් යන්ත්‍රයකට භාවිතා කළ නොහැකිය.


එසෙම්බ්ලි භාෂාව (Assembly Language)

එසෙම්බ්ලි භාෂාවේ ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.

එසෙම්බ්ලි භාෂාව, යන්ත්‍ර භාෂාව මත පදනම්ව ලියන ලද විධාන වෙනුවට සරල සංඛේත භාවිතා කරයි.
එසෙම්බ්ලි භාෂාවට විශේෂිත වූ විධාන සහ එම විධාන ලිවීමේ ආකෘතියක් ඇත. ඒවා භාවිතා කරමින් වැඩසටහන් ලියනු ලබයි.
පරිගනකය මත ක්‍රියාත්මකවීම යන්ත්‍ර භාෂාවට වඩා වේගයෙන් අඩුය.
යන්ත්‍ර මත යැපීම නිසා භාවිතය අපහසුය.
මිනිස් භාෂාවන්ට තරමක් සමීප සංඛේත භාවිතා කිරීම නිසා යන්ත්‍ර භාෂාවට සාපේක්ෂව තේරුම් ගැනීම පහසුය.
භාෂා පරිවර්තක වැඩසටහනක් මගින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරයි. එම භාෂා පරිවර්තක වැඩසටහන ඇසෙම්බ්ලර් ( Assembler) ලෙස හැඳින්වේ.


ඉහළ තලයේ පරිගනක භාෂා (High Level Programming Languages)

ඉහළ තලයේ පරිගනක භාෂාවල ලක්ෂණ පහත පරිදි දෙක්විය හැකිය.

ඉංග්‍රීසි භාෂාවේ සරල වචන යොදාගනිමින් ඉහළ තලයේ පරිගනක භාෂා ලියනු ලබයි.
ඉංග්‍රීසි භාෂාවේ සරල වචන යොදාගනිමින් ලියන නිසා තේරුම් ගැනීමට පහසු වේ.
යන්ත්‍ර භාෂාව මත යැපීමක් සිදු නොවන නිසා, ඕනෑම පරිගනකයක ක්‍රියාත්මක කළ හැකිය.
භාෂා පරිවර්තක වැඩසටහනක් යොදාගනිමින් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කළ යුතුය. ඒ සඳහා භාෂා පරිවර්තක වැඩසටහන් ලෙස අර්ථවින්‍යාසක (Interpreter) සහ සම්පාදක (Compiler) භාවිතා කරයි.
ඉහළ තලයේ පරිගනක භාෂා සඳහා උදාහරණ :
Pascal
JAVA
C
C++
C#
VB
Ada
Algol
BAISIC
Python
FORTRAN


සියලුම පරිගණක භාෂාවන් ඒවගේ විධානයන්ගේ ස්වරූපය අනුව කොටස් 4කට බෙදා දක්වයි.

පළමු පරම්පරාවේ පරිගණක භාෂා හෝ යන්ත්‍ර භාෂා ( Machine Languages )
දෙවන පරම්පරාවේ පරිගණක භාෂා හෝ එසෙම්බ්ලි භාෂා ( Assembly Languages )
තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ ඉහළ මට්ටමේ භාෂා ( High Level Languages)
හතරවෙනි පරම්පරාවේ පරිගණක භාෂා හෝ නිර්මාපිත භාෂා ( Artificial Languages )
පරිගණක භාෂාවන්ගේ පරිණාමයට බලපෑ මුලික හේතු කිහිපයකි.

පරිගණක වල මිල ක්‍රමයෙන් පහත වැටීම හා පරිගණක සාමාන්‍යය පුද්ගලයෙකුට මිලදී ගතහැකි උපකරණයක් බවට වීම.
පරිගණක වල ධාරිතාවයන් ( Storage ) හා දත්ත සැකසීමේ වේගය( Processing Speed ) ක්‍රමයෙන් වැඩිවීම.
පරිගණක වල විශාලත්වය පොඩි වීම.
පරිගණක විවිධ කාර්යයන් මෙන්ම සංකීර්ණ කාර්යයන් සඳහා යොදාගැනීම.
පරිගණක භාෂාවන්ගේ විකාශනයේ දී දක්නට හැකි මුලික ලක්ෂණයක් වන්නේ එම භාෂා ක්‍රමයෙන් අපිට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සහ භාවිතයට පහසු භාෂාවක් සේ විකාශනය වීමයි.



අපේ Suranga Tech Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්

සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030




සෙල්ෆියේ ඉතිහාසය



ස්මාට්ෆෝන් කැමරාවේ පරිණාමය


වර්තමානයේදී ඔබ කොතැනකදී හෝ කැමරාවක් රහිත ස්මාට්ෆෝනයක් දැක තිබේද
මෙයට අනිවාර්ය පිළිතුර වනු ඇත්තේ නැත යන්නයි. මන්දයත් ස්මාට්ෆෝන් සංකල්පය සමගින්ම ස්මාට්ෆෝන් කැමරාවද මේ වනවිට බැඳී පවත්නා බැවිනි. එය එසේ වුවත් මෙය ආරම්භ වන්නේ ස්මාට්ෆෝන් සමගින් නොවේ. අප "කැමරා ෆෝන්" යන යෙදුම මුලින්ම භාවිතා කරන්නට යෙදුණේ පසුපස කැමරාවක් සහිත විශේෂාංග ජංගම දුරකථන සඳහායි.

මෙම මූලික කැමරා සහිත ජංගම දුරකථන භාවිතා වූයේ ඩිජිටල් කැමරාවක් නොමැති අවස්ථාවක දකිනා යමක් රූගත කර ගැනීමට වූ නමුත්මුල් කාලීන ජංගම දුරකථන කැමරාවන්ට ගුණාත්මක භාවය අතින් ඩිජිටල් කැමරා වෙත ආසන්න වීමට හෝ හැකි නොවුණි. කෙසේ නමුත් ස්මාට්ෆෝන් ප්‍රචලිත වීමත් සමගින් ක්‍රම ක්‍රමයෙන් මම ස්මාට්ෆෝන් කැමරාවද දියුණු වීමටත්විශේෂ හැකියාවන් අත්පත් කරගැනීමටත් පටන් ගනී. මෙම පරිණාමයේ එක් තැනකදී ස්මාට්ෆෝනයට කැමරා දෙකක්එනම් ඉදිරිපසටද කැමරාවක් එක් වීම ඇරඹේ. මෙහි මූලිකම අවශ්‍යතාව වූයේ ස්කයිප් වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයන් සඳහා පහසුවක් වීමට යැයි සිතිය හැකිය.

පසුකාලීනව ශීඝ්‍රයෙන් ස්මාට්ෆෝන් කැමරාවන් දියුණු වීම සිදුවූ අතර
නවීන ඩිජිටල් කැමරාවන්ට පවා අභියෝග කළ හැකි ආකාරයේ විශේෂාංගයන් සහ සෙන්සරයන් සහිත පසුපස කැමරා සහිත ස්මාට්ෆෝනයන් වැඩි වැඩියෙන් එළිදැක්වුණි. මෙසේ ගන්නා ඡායාරූප ක්ෂණිකව බෙදාගත හැකි සමාජ ජාලයන්ද කරලියට පැමිණීමත් සමගින් ස්මාට්ෆෝන් ඡායාරූපකරණය නව මගක් ගන්නා ලදී. ඒ සමගින්ම එසේ ගන්නා ඡායාරූපයන් ස්මාට්ෆෝනය හරහාම එසැණින් සංස්කරණය කිරීමට සහ විවිධ ‍ෆිල්ටරයන් එක් කිරීමටද හැකියාවෙන් සන්නද්ධ කෙරිණි.

මේ හා සමගාමීව ඉදිරිපස කැමරාවද වඩ වඩාත් දියුණු වන්නට පටන් ගත්තේ
 'සෙල්‍ෆිඡායාරූප ගැනීම යනු නව ලෝකයේ උන්මාදයක් බවටත්එතැනින් සමාජ ජීවිතයේ කොටසක් බවටත් පත්වීම සමගිනි. අද වනවිට ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරාවේ ප්‍රධානතම කර්තව්‍ය වී ඇත්තේ එයයි. සාමාන්‍යයෙන් අතීතයේදී පසුපස ප්‍රධාන කැමරාවට වඩා අඩු හැකියාවන්ගෙන් සහ අඩු ගුණාත්මක මට්ටමකින් ඉදිරිපස ද්විතීයික කැමරාව තබා තිබුණත්අද වනවිට මෙම කැමරා ද්විත්වයම සමාන ගුණාත්මක මට්ටමකින් සහ හැකියාවන් හා විශේෂාංග එකතුවකින් යුතු වේ.
කෙසේ වුවත් අනාගතයේදී මෙම පරිණාමය අතරතුරදී සෙල්ෆි කැමරාව හෙවත් ඉදිරිපස කැමරාව තාක්ෂණික හැකියාවන් සහ ප්‍රමුඛත්වය අතින් පසුපස කැමරාව ඉක්ම යනු නැතිදඑය සිදුවිමේ ඉහළ ඉඩක් ඇති බව හඳුන්වා දීමට නියමිත Oppo F7 "Selfie Expert" වැනි ස්මාට්ෆෝනයන්ගෙන් දැනටමත් අනාවැකි පළවෙමින් තිබේ.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgyxKI2kJRI4Dqc_gfEXwWUD8vU5k8Sm1I6Cqz3WvRaNUWfyDciBMTem5sto4CrVpYvT2a-vsTjsavzo9IWJlWfOGerfzyKScj8nu5QD1qNIJvJRBX3r97BhKnShJwK5RacYf4daN5MXE/s320/3.jpg

මුල්ම කැමරා දුරකථනය වන මෙය සීමිත ප්‍රමාණයක් ජපානය සඳහා  නිකුත් කළේය. 

සෙල්ෆියේ ඉතිහාසය

සමාජ ජාලවල දෝරේ ගලන සෙල්ෆියේ ඉතිහාසය

කෑවත්,බිව්වත්,ඇඳුමක් ඇන්දත් සෙල්ෆි,නිර්වස්ත්‍රව නාන කාමරයේ සිටින අතිශ්‍ය පෞද්ගලික කාරණා වලදීත් සෙල්ෆි.තවද අද වන විට මළ මිනී එක්කත් සෙල්ෆි.ශ්‍රී ලංකාවේ තරුණයෙක් මියගිය පුද්ගලයෙකු පසුබිම් කරගෙන ලබාගත් එවැනි සෙල්ෆියක් ලෝකයේ නරකම සෙල්ෆි 10 අතරට තේරී පත් වු බවද සඳහන් වේ.තැනක් නොතැනක් ගැන නොසිතා සෙල්ෆි ඡායාරූප ගැනීම බොහෝ දෙනා දකින්නේ.පිස්සුවක් ලෙසයි.මේ සෙල්ෆි පිස්සුව නිසා ලෝකයේ බොහෝ රාජ්‍යයන් සෙල්ෆි තහනම් කලාප පවා වෙන් කරලා ඒ සම්බන්ධව නීති රීතින් පනවා තිබෙනවා.සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ඉහළ පන්තියේ අයත් රටේ නායකයන් පවා පෙළඹි තිබේ.ඒ හරහා විවිධ ප්‍රශ්ණ පවා ඇතිවි තිබේ.එසේම මුලින්ම ඉදිරිපස කැමරාවක් සහිතව පැමිණි ජංගම දුරකතන ලංකාවේ ජනතාව හැදින්වුයේ 3G කැමරා ලෙසය.මුල් කාලයේ මෙවන් ජංගම දුරකතන වීඩියෝ ඇමතුම් ලබා ගන්නට භාවිතා කර තිබේ.වර්තමානයේ විඩීයෝ ඇමතුම් ලබා ගන්නවාට වඩා සෙල්ෆි ඡායාරූප ලබා ගන්නට මෙය භාවිතා කරයි.එසේම වර්තමානය වන විට අපේ රටටත් සෙල්ෆි ඡායාරූපය බලවත් තර්ජනයක් වී තිබේ.හේතුව සිමාව ඉක්මවා සිදුවන මේ ඡායාරූප ගැනිල්ල නිසා සිදුවන මරණ සංඛ්්‍යාවද දිනෙන් දින ඉහළ යෑමයි.

එසේම කිහිප දෙනෙක් එක්ව පෙනී සිටින සෙල්ෆි හෙවත් සමුහ සෙල්ෆි (Group selfie) නම් වේ.තවද සෙල්ෆි ඡායාරූප ගැනීම දිගින් දිගටම සිදුකිරීම රෝගයක් බවට පත් වේ.එය ස්වරූප රාගය ලෙස නම් කර තිබේ.එනම් තමන්ගේ රූපයට ඇති ඇල්ම,බැදීම,ආශාව වේ.එසේම ඔබ යම් සෙල්ෆි ඡායාරූපයක් සමාජ ඡාලයන් හරහා මුදා හරිනවානම් එය මාධ්‍ය සදාචාරයට අනුකූලව එය සිදුකරන්න.

සෙල්ෆියේ ඉතිහාසය 1839 තරම් ඈතට දිවෙයි. පළමු සෙල්ෆියා රොබර්ට් කොරනේලියස් ය. සෙල්ෆිය කුමක්ද යන්න වයස භේදාදියකින් තොරව අද ඕනෑ ම කෙනෙක් දනියි. එය ඡායාරූප ගැනීමේ ජනප්‍රිය ම ක්‍රමය යි. ලෝ පුරා දිනකට මිලියන 6ක් පමණ සෙල්ෆි අලෙවි වේ. ලෝකයේ තරුණ ජනගහනයෙන් සියයට 91ක් විසින් ෆෝන් කැමරාවෙන් ගන්නා ඡායාරූපවලින් 1/3 ක් සෙල්ෆි ය. නළු - නිළියන්දේශපාලනඥයන් වැනි සුප්‍රකට පුද්ගලයන්ගේ නම්වලින් ද සෙල්ෆි හැඳින්වේ. (උදා: ඔබාමා සෙල්ෆියපෝප් සෙල්ෆි ය). විශේෂයෙන් බටහිර රටවල සෙල්ෆිය ගැන පොත්පත් රාශියක් සතිපතා පළවෙයිලිපි ලේඛන ලියැවෙයි. ටී.වී. වැඩසටහන් විකාශනය වේසාකච්ඡා සහ වැඩමුළු පැවැත්වේ.

ලෝක ප්‍රකට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව සෙල්ෆියක් යනු යමෙක්තමන්ගේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගැනීමයි. මේ සඳහා බොහෝවිට ස්මාර්ට් ෆෝනයක ඉදිරිපස කැමරාව යොදාගැනේ. සෙල්ෆී යන වචනය ජනප්‍රියවීම ඇරඹුනේ 2012 වසරේ සිට වුවද ලොව ප්‍රථම සෙල්ෆිය ලබාගෙන ඇත්තේ 1839දී අමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කොර්නේලියස් විසිනි.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjD0FePo73U3__DFiqTwcIFxViuVjQRBLoiMeZl0fC1Z3o50fGMXziCxVfsX3T_pzBIrOBT_CeRopn3hO2dp9lax1Cw6-p74oSiYepvpwWnpsocq0_-6xThfTHK9sHpjmQJ-NeNeeADgi4/s1600/1.JPG

ඡායාරූප ශිල්පී රොබර්ට් කෝර්නේලියස් ලබාගත් ලොව ප්‍රථම සෙල්ෆිය ලෙස සැළකෙන ඡායාරූපය. මෙම ඡායාරූපය ලබාගැනීම සඳහා කොර්නේලියස් කැමරාව ක්‍රියාත්මක කොට එය ඉදිරියට දිවගොස් සිටගත් බව පැවසේ. සේයා පට වෙනුවට සිල්වර් අයඩයිඩ් සේයා තැටි භාවිතා කල ඒ අවධියේ ඡායාරූප ගැනීම ඉතා අපහසු විය.

1966දී අමෙරිකානු ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් අභ්‍යවකාශ යානයක පිටත ක්‍රියාකාරකමක (extra vehicular activity) යෙදෙන අතර අභ්‍යවකාශයේදී ගත් ප්‍රථම සෙල්ෆිය සිය කැමරාවේ සටහන් කරගත්තේය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjzBkB1h5QAdHy93c_k5PHXHow__KN5UYpwZYw_vw5gCjGIu89xyYJ_Kv8kqQJTQeMb4yhyphenhyphenCmsrugPhxKmvBPsKsu1T4daJUemmMYsGreVq6ES-9Z-jdiAcrrRuE6M14eaqaMHtYFMk6oQ/s1600/2.JPG
අභ්‍යවකාශයේදී ලබාගත් ප්‍රථම සෙල්ෆියසඳමත පාතැබූ දෙවැනි මානවයා වීමේ වාසනාව ලද එඩ්වින් "Buzz" ඕල්ඩ්‍රින් විසින් සිය කැමරාවේ සටහන් කරගන්නා ලදී.

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2013 වසරේ ජනප්‍රියම වචනය වූ "selfie" යන්න මුලින්ම භාවිතා කල පුද්ගලයා ලෙස සැලකෙන්නේ 2002 වසරේදී සිය මුඛයේ ඡායාරූපයක් පලකරමින් එය "සෙල්ෆියක්" ලෙස විස්තර කල ඔස්ට්‍රේලියානු ජාතික තරුණයෙකි.


සිය මිතුරෙකුගේ 21වැනි උපන්දින සාදයේදී බීමත්ව පඩිපෙලක් මත ඇදවැටුනු ඔහුටමුහුණ පඩිපෙලෙහි ඇනීම නිසා තොල් පුපුරා මැහුම් දමාගැනීමට සිදුවිය. දෙතොලෙහි මැහුම් දැක්වෙන ඡායාරූපයක් සිය කැමරාවෙන් තමාම ලබාගත් ඔහුඑය සමාජ ජාලයක පලකොට සිය අණතුර පිලිබඳව මිතුරන් දැනුවත් කලේ එම ඡායාරූපය අපහැදිලි වන්නේ එය "සෙල්ෆියක්" නිසා බවට සමාවද අයදිමිනි. ඒ අනුව සෙල්ෆී යන යෙදුම මුලින්ම භාවිතාකොට ඇත්තේ මෙම ඔස්ට්‍රේලියානු තරුණයා බව පිලිගැනෙනවා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6K8qVRY7cHV7gm0ah_ABp2k1o8P2IMUVaB56jUcTw37WJPW2yhev8NFXs33Lxs3vU_nT9mS-Rv4ZMTe2TFZkKkejvD7_GqwRWB4DXO8Ls201EGJuC4wOD-wnrFrN9eLzENwyvVedMYr8/s320/4.jpg
"සෙල්ෆී" යන වචනය භාවිතා කරමින් සමාජ ජාලයකට නිකුත් කරන ලද ප්‍රථම ඡායාරූපය හා එය පලකල ඔස්ට්‍රේලියානු තරුණයා කරන විස්තරය.

USA Today පුවත්පතට අනුව අද දිනකට සෙල්ෆී ඡායාරූප මිලියනයක් පමණ අන්තර්ජාලයට දිනපතා එක්වේ. සෙල්ෆි ඡායාරූප අරගන්නේ මිනිසුන් පමණක් නොවේ. අඟහරුවා වෙත යවනු ලැබූ කිව් රියෝසිටි රෝවරයද සිය රොබෝ හස්තයේ සවිකොට ඇති කැමරාවකින් සෙල්ෆි ලබාගෙන එවා තිබේ. පහත දැක්වෙන්නේ ඉන් එක් ඡායාරූපයකි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFwAxz5Edp3sn3d7yLWZKKul8kwjYSI-4GYONgTpmTgBOEsvuQqQ_pe2zMhog0pqdBY69KvtqIsv7MEiESF04ko8vl8KcKHY3INPN-Kzhs-m0KxEldlNgOg6DKWIc98w9VNQjl-EMGWPI/s320/5.jpg


කිව්රියෝසිටි රෝවරය ලබාගත් සෙල්ෆි වලින් එකක්.

සෙල්ෆී ගැනීමට වෙලාවක් කලාවක් නැත. සමහර සෙල්ෆී පුදුම සහගතයසමහර ඒවා රැගෙන මොහොතකින් එය ගන්නා ලද පුද්ගලයාට විශාල අණතුරක් සිදුවේ. සමහර සෙල්ෆි ගැනීම සඳහා ඒවා ලබාගන්නන් ගත් අවදානම ඉතා විශාලය. එවැනි අපූරු සෙල්ෆි කිහිපයක් ඔබවෙත ගෙන එන්නම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiI8B87u8f4eW32oFqAc5UQiawGBqxGTuAC3Km-Dv-3OFHmxhqCirDj0b9zPT6Hqk6EH6lvXTt-cNvkOLBFxoLod8XJwcTtKkpI6utJIogogifN_JFjPeLSPJaOspHxlmq8M_W0-hKeBrA/s320/6.jpg

මේ සෙල්ෆියේ පෙනී සිටින්නේ අමෙරිකානු මාෂල්වරයෙකි (United States Marshall). ඔහු මේ සෙල්ෆිය රැගෙන ඇත්තේ සිය ගුවන් යානය මුහුදට කඩාවැටී විනාඩි කිහිපයකිනි.


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4AJN8O4fNEm9Q1FGd4kZFJ5Ol1nEmRXgfH6L52F1_NtLTVV_K0V-WNkpAyjCwKypX45It_3AIPJiL56wJhCZW-sguQ_gx8F7vQUUH-tswbPe_xU6IoPC40VQDE1jddo6GsrUDGk6vpc8/s320/7.jpg
මෙම සෙල්ෆිය ගෙන ඇසිල්ලකින් බේස් බෝලය ඇයගේ හිසෙහි වැදී තදබල අනතුරක් සිදුවිය.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrCwndAoiIIr8DA-2tzOu4Lx55XCVVTBAZV007ix5qqKWYFWHYo_vAx2xvTYPm7xnpr9wuezDbLCMM4GS5RB7uLfllLEYejeBrEkzU8t9ZL0nmm2gSmfBTp_kaVYruwlZ7cFqbaTEOojg/s320/8.jpg

මෙම ඩෙන්මාර්ක් ජාතික ප්‍රහාරක ජෙට් නියමුවා මිසයිලයක් දියත්කරන මොහොතේම ගන්නා ලද සෙල්ෆිය රාජකීය ඩෙන්මාර්ක ගුවන් හමුදාව මගින් මාධ්‍ය වලට නිකුත් කරන ලදී.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6MnM9HRoHwVath1K_UUBz31ZOUJCq8HxuM4v1TuTg5Z1QTUwShn2FmaDIG-c-aBzIp2oLHTlKLTH6LiugYFhNLlZaVMaY3ZWB2YphCyeS6PY1sQuBnD-FaBjFwa7Czr-bwDhuIf0NCRE/s320/Malini-Yapa-Womenly-20161020-04.jpg
කිහිප දෙනෙක් පෙනී සිටින සෙල්ෆි හෙවත් සමුහ සෙල්ෆි (Group selfie) ලෙස හැදින්වේ.
සෙල්ෆි ඡායාරූප ගැනීම දිගින් දිගටම සිදුකිරීම රෝගයක් බවට පත් වේ.එය ස්වරූප රාගය ලෙස නම් කර තිබේ.එනම් තමන්ගේ රූපයට ඇති ඇල්ම,බැදීම,ආශාව වේ.


සෙල්ෆි කියන්නේ උමතුවක් . මෙහෙම පවසන්නේ මනෝ විද්‍යාඥයන් දෙදෙනෙක්. “International Journal of Mental Health and Additiction නම් වූ මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන මොවුන්, උමතුවක් විදියට මෙහෙම සෙල්ෆි ගන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන එකට හේතු දක්වලා තියෙනවා. ඒ පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ An Exploratory of ‘Selfitis’and the Development of the Selfitis Behavior Scale කියලා. තැනක් නිනව්වක් නැතිව සෙල්ෆි ගන්න එක, ඒවා ෆේස් බුක් ඉන්ස්ටග්රම් වගේ සමාජ ජාල වලට මුදා හරින එක කරන්නේ පහත දැක්වෙන හේතුන් නිසයි කියලා තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඔවුන් කියනවා. යූටියුබ් ඔස්සේ පහත ඇති ලින්ක් එකෙන් විඩියෝව නරඹන්න.
·                     අපේ Suranga Tech Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්

සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030

නිවැරදිම පරිගණක දැනුම ඔබටත් අවශ්‍යද එසේනම් කථා කරන්න.ඔබේ අවශ්‍යතාවය මත ඔබේ නිවසටම පැමිණ විශ්වාසයෙන් යුතුව ඉගැන්වීම් කටයුතු සිදුකර දෙනු ලැබේ.

පරිගණක සාක්ෂරතාවය යනු කුමක්ද


පරිගණක සාක්ෂරතාවය යනු කුමක්ද
බුද්ධිය යනු කුමක්ද

කිසියම් ගැටළුවක් විසදීමට හෝ කිසියම් දෙයක් ඉගෙන ගැනීමට හෝ තිබෙන්නාවු ධාරිතාවයට බුද්ධිය යැයි කියනු ලැබේ.

පරිගණක සාක්ෂරතාවය යනු කුමක්ද

පරිගණක හා ඒ ආශ්‍රිතව ඇති තාක්ෂණය කාර්්‍යයක්ෂමව භාවිතා කිරීමට ඇති මනා හැකියාව පරිගණක සාක්ෂරතාවය ලෙස හදුන්වයි.(කියමනක්ද තිබෙනවා අනාගතයේදී පරිගණකය නොදත්තෝ වර්තමානයේ අකුරු නොදත්තෝ හා සමානයිවේ කියලා.) තවද මේ පරිගණක සාක්ෂරතාවය ප්‍රධාන කොටස් 03 කට වෙන් කළ හැකිය.

01 . මුලික පරිගණක දැනුම ඇති අය

මුලික පරිගණක දැනුමට අදාළ වන්නේ.නිවැරැදිව පරිගණකයක් ON කිරීම හා OFF කිරීමයි.යම් වැඩසටහනක් විවෘත කර ගැනීම හා එය ඉවත් කිරීම,පරිගණකයේ ඇති දෘඪාංග පිළිබඳ සරල දැනුමක් හා අදහසක් කෙනෙකුට තිබේ නම් අපි ඔහු හෝ ඇයට කියනවා.එයාට පරිගණක සාක්ෂරතාවයේ මුලික දැනුම තිබෙන බව

02 . අතරමැදි දැනුම ඇති අය

අතරමැදි අවශ්ථාව ලෙස අපි කථා කරන්නේ.යම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් යම් යම් දත්ත එහා මෙහා කිරීම සඳහා ඇති උපකරණ එනම් පෙන් ඩ්‍රයිව්,සීඩි,ඩීවිඩී ආදි දේවල් භාවිතා කරලා.ඔහුගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීම හා ඊ-මේල් එකක් යැවීමට හා ඊ-මේල් වල ඇති විවිධ අවශ්ථා භාවිතා කිරීම සහ ඩොකියුමන්ට් එකක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් තිබේ නම් ඔහු අතරමැදි දැනුමක් ඇති කෙනෙකු වේ.

03 . ඉහළම දැනුමක් ඇති අය

පරිගණකයට අමතරව ඒ ආශ්‍රිත උපකරණ එනම් පරිලෝකන යන්ත්‍ර(ස්කෑනර්),කැමරා,ප්‍රින්ටර්ස්,වැනි දේවල් එකට එකතු කරගෙන ඒ තුලින් කරන ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම හා මේ දේවල් බහු කාර්්‍යය ආකාරයට ඒ දේවල් භාවිතා කළ හැකිනම් එවැනි අය මේ යටතට ගැනේ.


·                     අපේ Suranga Tech Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික් කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්

සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030