පරිගණක
සාක්ෂරතාවය යනු කුමක්ද
බුද්ධිය යනු කුමක්ද
කිසියම් ගැටළුවක්
විසදීමට හෝ කිසියම් දෙයක් ඉගෙන ගැනීමට හෝ තිබෙන්නාවු ධාරිතාවයට බුද්ධිය යැයි කියනු
ලැබේ.
පරිගණක සාක්ෂරතාවය යනු
කුමක්ද
පරිගණක හා ඒ ආශ්‍රිතව
ඇති තාක්ෂණය කාර්්‍යයක්ෂමව භාවිතා කිරීමට ඇති මනා හැකියාව පරිගණක සාක්ෂරතාවය ලෙස
හදුන්වයි.(කියමනක්ද තිබෙනවා අනාගතයේදී පරිගණකය නොදත්තෝ වර්තමානයේ අකුරු නොදත්තෝ හා
සමානයිවේ කියලා.) තවද මේ පරිගණක සාක්ෂරතාවය ප්‍රධාන කොටස් 03 කට වෙන් කළ හැකිය.
01 . මුලික
පරිගණක දැනුම ඇති අය
මුලික පරිගණක දැනුමට
අදාළ වන්නේ.නිවැරැදිව පරිගණකයක් ON කිරීම හා OFF කිරීමයි.යම්
වැඩසටහනක් විවෘත කර ගැනීම හා එය ඉවත් කිරීම,පරිගණකයේ ඇති
දෘඪාංග පිළිබඳ සරල දැනුමක් හා අදහසක් කෙනෙකුට තිබේ නම් අපි ඔහු හෝ ඇයට කියනවා.එයාට
පරිගණක සාක්ෂරතාවයේ මුලික දැනුම තිබෙන බව
02 . අතරමැදි
දැනුම ඇති අය
අතරමැදි අවශ්ථාව ලෙස
අපි කථා කරන්නේ.යම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් යම් යම් දත්ත එහා මෙහා කිරීම
සඳහා ඇති උපකරණ එනම් පෙන් ඩ්‍රයිව්,සීඩි,ඩීවිඩී ආදි දේවල් භාවිතා කරලා.ඔහුගේ එදිනෙදා කටයුතු සිදුකර ගැනීම හා
ඊ-මේල් එකක් යැවීමට හා ඊ-මේල් වල ඇති විවිධ අවශ්ථා භාවිතා කිරීම සහ ඩොකියුමන්ට්
එකක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් තිබේ නම් ඔහු අතරමැදි දැනුමක් ඇති කෙනෙකු වේ.
03
. ඉහළම
දැනුමක් ඇති අය
පරිගණකයට අමතරව ඒ ආශ්‍රිත
උපකරණ එනම් පරිලෝකන යන්ත්‍ර(ස්කෑනර්),කැමරා,ප්‍රින්ටර්ස්,වැනි දේවල් එකට එකතු කරගෙන ඒ
තුලින් කරන ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම හා මේ දේවල් බහු කාර්්‍යය ආකාරයට ඒ දේවල්
භාවිතා කළ හැකිනම් එවැනි අය මේ යටතට ගැනේ.
·
අපේ
Suranga Tech Show Youtube Channel එකටත් යන්න.තාක්ෂණික පාඩම් බලන්න.චැනල් එකේ
ඇති රතු පාට Subscribe බටන් එකත් ක්ලික්
කරලා ඔබේ සහයෝගය අපිට ලබා දෙන්න. මෙන්න ලින්ක් එක පහතින්
සැකසුම - Suranga Tech Show Youtube Channel සුරංග පුෂ්ප කුමාර 0713737030
No comments:
Post a Comment